ව්‍යාජ ලිපි ලේඛන සකසා ඉඩම් විකුණුමක් .

ව්‍යාජ ලිපි ලේඛන සකසා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් රුපියල් කෝටි හය හමාරක මුදලකට පුද්ගලයින් තිදෙනකුට අලෙවි කළ සැකකරුවෙකු කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී දිවයිනේ මහේස්ත්‍රාත්වරුන්,පොලිසියේ උසස් නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිලමුද්‍රා සොයාගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හට ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙලෙස ඉඩම් අලෙවි කිරීමේ චෝදනා රැසක් තිබෙන බවටද කරුණු අනාවරණය වී ඇති අතර අතුරුදන්ව සිටි ඔහු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version