බලු මැක්කන් හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) දෙදින වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ බලු මැක්කන් සහ ඇසට නොපෙනන තරම් කුඩා වැලි මැක්කන් විදුහල් භූමිය පුරාම සිටින බවත් , මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත්, එයට අදාළ බෙහෙත් වර්ග කිහිපයක් යොදා මේ වනවිට මැක්කන් මර්දනය කර ඇති බවත් ය.
වෛද්‍ය උපදෙස් අනුව දැනට බෙහෙත් යෙදීම සිදුකරන බවත් , දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල දින දෙකක් වසා තැබීමට තීරණය කළ බවත් විදුහල්පතිනිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව ද සිල්වා මහතා,
“පාසල වසා දැමීමට අපේ අනුමැතියක් දීලා නැහැ. මීට පෙරත් බලු මැක්කන්ගේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට බෙහෙත් වර්ග යොදලා මැක්කන් මර්දනය කරන්න පියවර ගත්තා. බලු පැටව් වදපු බැල්ලියක් ඉන්නවා. ඒ සතුන් පාසලෙන් එළවන තුරු මේ මැක්කන් මර්දනය කරන්න බැහැ. මැක්කන් මර්දනය කරන්න අපට කරන්න පුළුවන් දේ කළා.”