රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට.

හෙට්ටිපොළ පොලිස් වසමේ හලාවත – කුරුණෑගල මාර්ගයේ කොළමුණුඔය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

කුරුණෑගල සිට හලාවත දෙසට ධාවනය වූ බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියකට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු හෙට්ටිපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිලෝගම , නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

Exit mobile version