පාසල් සිසුවෙක් දිය රකුසාට බිලිවෙයි.

නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (02) උදෑසන පාසල් සිසුන් 03 දෙනෙකු මැටියගනේ මහවැවේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ . පසුව සිසුන් සහ ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලී ඇතුරුදන් වූ සිසුවා සොයා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් සිසුවා මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු නාරම්මල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version