තියුණු ප්‍රහාරයකින් පාසල් සිසුවකු ජීවිතක්ෂයට .

මැරතන් තරගයක තරග කරුවන් දිරිගැන්වීමට ගිය පාසල් සිසුවෙකුට එල්ල වූ පිහි පහරකින් බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැව්රිදි වැල්ලම්පිටිය කොටුවිල තුන්වන අදියර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

තරගකරුවන් දිරිගැන්වීමේ යෙදී සිටියදී පිරිසක් සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම සිසුවාට පුද්ගලයින් හතර දෙනෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බව සදහන්.

සිසුවාට පහර දුන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු හට මීට පෙරද මිනීමැරුම් චෝදනා තිබෙන බවද සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version