මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අතුරුදහන්.

ඊයේ (07) සවස් කාලයේදී රත්ගම බූස්ස වෙරළ තීරයේ  ළමුන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  දිය නාමින් සිට ඇති අතර ඉන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී ඇතුරුදන් වී ඇතිබව සදහන්වේ.

පොලිසිය සදහන් කර ඇත්තේ එසේ දීයේ ගිලී ඇතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි වියේ පසුවූ පාසැල් සිසුවෙකු වන අතර ඔහු  පාවර බූස්ස ප්‍රදේශයේ පදිංචි අයකු බවයි.

මිය ගිය සිසුවා හා තවත් ළමුන් 5දෙනෙකු දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර  රත්ගම පොලීසිය, ප්‍රදේශයේ ධීවරයින්, නාවික හමුදාවේ සහාය ඇතිව දියේ ගිලී අතුරුදන් වූ ළමයා සොයා මෙහෙයුමක් සිදුකරන බව වාර්තාවේ.

Exit mobile version