යාපනය , ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු කේරළ ගංජා සහ මාවා මත්ද්‍රව්‍ය සමඟින් පසුගිය 29 වනදා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම සිසුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන අතර මොහු සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු සැල වී තිබේ. පසුව එම සිසුවා ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සිට යාපනයට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සිසුවාගේ කලිසම් සාක්කුවේ තිබී එම මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණයට වී ඇත්තේ මොහු මත්ද්‍රව්‍ය අලෙවි කරන පිරිසක් සමඟ එකතු වී පාසල් නිල ඇදුමින්ම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවයි.
සැකකාර පාසල් සිසුවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
