අතුරුගිරිය , පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම , මුල්ලේගම , පදිංචි දිනිති තිමාරා නමැති 14 හැවිරිදි පාසැල් සිසුවියකි.
ඇය ඊයෙ (18 ) උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින් සිටියදී “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා ” යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.
පසුව මව විසින් නිවසේ තිබූ බෙහෙත් වර්ගයක් දියණියගේ අතෙහි ගල්වා , අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී තිබේ.
අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.
