එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් කියූ රහසක් වසර ගණනාවකට පසු එළියට.

තමන්ට බරපතල ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ ඉන්දීය ගුවන් හමුදාවේ අක්බාර් බලකායේ හෝ රුසියානු ගුවන් හමුදාවේ නියමුවන් හෝ යැයි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විශ්වාස කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI 24 හෙලිකොප්ටර බල ඝනය මගින් ප්‍රහාර එල්ල කිරීමේදී ඒ සඳහා රුසියානු හෝ ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් සම්බන්ධ වී සිටි බවට අවස්ථා ගණනාවකදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිය පණිවිඩ හුවමාරු ඔස්සේ පණිවිඩ හුවමාරු කරගෙන තිබු බවට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එවකට MI 24 හෙලිකොප්ටර බල ඝනයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා සිහිපත් කර ඇත්තේ ත්‍රස්තවාදීන් එසේ සිතා සිටියද කිසි විටකත් විදේශීය නියමුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සඳහා සම්බන්ධ නොවූ බවයි.

නමුත් ත්‍රස්තවාදීන් එසේ සැක කිරීමට බලපෑ හේතු කිහිපයක් ද එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා විසින් මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

https://youtu.be/WJNvXvS_x9w
Exit mobile version