බිත්තර රැගත් නෞකාවක් හෙට දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළගා වනු ඇති බවට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

පවතින බිත්තර හිගය සහ මිල පාලනය කිරීමේ අරමුණින් මෙලෙස බිත්තර මිලියන දෙකක් ආනයනය කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරන්නේ රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සියලු කටයුතු සූදානම් බවත්ය .

Exit mobile version