වෙඩි තැබීමක්.

පාදුක්ක , වල්පිට ගැමුණු මාවතේ අද (05) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සමූපකාර රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගැනීමට සිටි අයෙක් වන අතර එසේ වැඩ භාර ගැනීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට තම මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වීමේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව මූලික ව්මර්ශනවලින් අනාවරණය වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔහුව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මොහු 62 හැවිරිදි අයෙකි.

Exit mobile version