බැංකුවක වෙඩි තැබීමක් – පස් දෙනෙකු මරුට.

ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක වෙඩි තැබීමක් සිඳු වී ඇති අතර ඉන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

මෙහි දී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවල දී වෙඩි තැබූ සැකකරු මිය ගොස් ඇති අතර ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙක් බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Exit mobile version