අකුරැස්සේදී වෙඩි තැබීමක්.

අකුරැස්ස – බංගම දෙදියගල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පවුල් ආරවුලක් මත ඊයේ (28) රාත්‍රීයේ ඇයගේ නිවස තුළදී මෙම වෙඩි තැබීම සිදූව ඇති බවට පොලීසිය පවසයි.

වෙඩ් තැබීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඇගේ සහෝදරියගේ සැමියා වන අතර ඔහු අද (29) අලුයම අකුරැස්ස – ලේනම ප්‍රදේශයේදී ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version