සීනිගමදී වෙඩි තැබීමක්.

සීනිගමදී සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

හිටපු මන්ත්‍රීවරයා සිය මෝටර් රථය අද (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බව සදහන්.

මන්ත්‍රීවරයා වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් හික්කඩුව පොලිසියට ගොස් පොලිසියේ මැදිහත් වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව සදහන්.

හිටපු මන්ත්‍රීවරයාගේ උරහිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ.

Exit mobile version