කිරිබත්ගොඩ සමාජ ශාලාවක් තුල වෙඩිතැබීමක්.

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු බව සදහන්.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Exit mobile version