බදුරලිය, ලත්පදුර ප්‍රදේශයේ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් බදුරලිය ,මිදලන ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූ බැවින් කළුතර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සදහන්.
වෙඩිතැබීම සදහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර,වෙඩි තැබීමට පැමිණි සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලත්පදුර ප්‍රදේශයේ පදිංචි ‘රෝස බට්ටා ‘ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන අයෙකි.
