අද (07) දින සවස් කාලයේදී බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන හලක් අසලදී අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාදුනන පිරිසක් මොටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති අතර ,වෙඩි තැබීමෙන් පසු රථ දෙකම පලාගොස් ඇති බව සදහන්.
සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු කිහිපයක් සොයා ගෙන ඇති අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරගෙන යනු ලබයි.














































