හෙට්ටිපොළ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.

හෙට්ටිපොළ – කුලියාපිටිය මාර්ගයේ කුරුදුකුඹුර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සදහන්.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට හෙට්ටිපොළ පොලිසිය සදහන් කරයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version