කැලණියේ වෙඩිතැබීමක්.

කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) සවස වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල සිදු ව ඇති බව සදහන්.

Exit mobile version