කිලිනොච්චියේ වෙඩි තැබීමක්.

කිලිනොච්චිය , උදයනගර් ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් මෝටර් රථ රියදුරු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ රියදුරු සහ තවත් දෙදෙනෙක් මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන් වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථ රියදුරු කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු උදයනගර් , කිලිපනාච්චිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් සොයා කිලිනොච්චිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version