ලුණුගම්වෙහෙර ස්ප්‍රිල් යාය කැළෑබද ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
නමුත් එම යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩි වැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්ණාඩියට වෙඩි වැදී තිබේ.මාර්ගය අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් වේ.