මිනුවන්ගොඩ වෙඩි තැබීමක්.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බවට ගම්පහ මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version