වලස්මුල්ලේ වෙඩි තැබීමක්.

වලස්මුල්ල පොලිස් වසමේ ,යහල්මුල්ල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ (21) සවස සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර අවුරුදු 28,65 වයස්වල පසුවන යහල්මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 41 ක කාන්තාවක් සහ දියණියක් සිටින බවට විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවස අසලින් තුවාලකරුවන්ගේ නිවෙස්වලට ජලය සැපයීමට ජල නළ එළියට යාමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්.

සැකකරු අසනීප නිවාඩු මත සිටින පොලිස් සැරයන්වරයෙකු බවට දැනට සිදු කළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version