අද (05) උදෑසන වැලිවේරිය ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ සිටි පුද්ගලයා
මේ වන විට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේම දමා කුඩා ලොරි රථයකින් පළා ගොස් තිබේ.
තුවාලකරු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
