ඊයේ (18) කඩවත – දවටගහවත්ත ප්‍රදේශයේ දී සිඳු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා නිවස අසල මාර්ගයේ රැඳී සිටිය දී ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ පුත්‍රයා සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තබා එම ගිනි අවියෙන්ම අදාළ පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට පහර දී තිබෙන අතර මෙම වෙඩි තැබීම සිඳු කර ඇත්තේ ඉඩම් ආරවුලක් නිසාවෙන් බව සඳහන්.
වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා සූරියපාළුව , කඩවත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් වන අතර අපරාධය සිඳු කළ පුද්ගලයින් තිදෙනා අවුරුදු 56 , 20 සහ 25 යන වයස්වල පසුවන්නන් වේ.
සැකකරුවන් තිදෙනා , වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මොවුන් අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
