වෙළඳසැලක් ගිනිබත් වෙයි.

ඊයේ (17) රාත්‍රියේ කිලිනොච්චිය නගරයේ පිහිටි වෙළඳසැලක් තුළ හදිසි ගින්නක් හට ගත් බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් වෙළඳසැල මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න පාලනය කිරීම සඳහා කිලිනොච්චියේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය දැඩි වෙහෙසක් ගත් බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version