නිර්වින්දන වායු ඖෂධවල හිඟයක්.

රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීම‌ට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බව සඳහන්.

නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදු කර ඇත්තේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version