මේ වන විට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී තනතුරු 120ක පමණ හිඟයක් පවතින බවත් , මෙම හිඟය හේතුවෙන් ඉදිරියේ දී වසංගත තත්ත්වයන් කළමනාකරණය පිළිබඳ අර්බුදයක් මතු විය හැකි බවත් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නමුත් ඔහු සඳහන් කළේ එවැනි තත්ත්වයක් තිබිය දී මෙම වසරේ පමණක් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් දස දෙනෙකු පමණ විදේශගත වී ඇති බවත් , ඔවුන්ගෙන් ඇතැම් පිරිස් නිවාඩු සහිතව විදේශගතව ඇති නමුත් තවත් පිරිසක් රැකියාව අතහැර විදේශගත ව ඇති බවයි.
