රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්.

රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඒවා මිලදී ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණක් බවයි.

ඒ හේතුවෙන් දියවැඩියාව වැඩි වී ජනතාවගේ රෝගී තත්ත්වයන් උත්සන්න වන බවට වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version