දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල හිඟයක්.

දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල හිඟයක් පැවතීම හේතුවෙන්  දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දෛනික දුම්රිය ධාවනය සඳහා එන්ජින් 74 ක් සහ බලවේග කට්ටල 193 ක් අවශ්‍ය වූවත් , මේ වන විට ධාවනයට ගත හැකි මට්ටමේ ඇත්තේ දුම්රිය එන්ජින් 58 ක් සහ බලවේග කට්ටල 162ක් පමණක් බව දුම්රිය බලධාරීන් සඳහන් කර තිබේ.

එමෙන්ම අලුත්වැඩියා කිරීම සඳහා දුම්රිය එන්ජින් 15 ක් සහ බලවේග කට්ටල 31 ක් තිබෙන බවත් , එන්ජින් සහ බලවේග කට්ටල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් මේ වනවිට ආනයනය කරමින් පවතින බවත් දුම්රිය ගමනාගමන අධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version