මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග 190ක අඩුවක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වසර අවසානය වනවිට ඖෂධ වර්ග 20ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.