ඇමෙරිකාවේ ප්‍රධාන සහල් අපනයනකරු ඉන්දියාව වන අතර දේශීය පරිභෝජනය සඳහා සහල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බාස්මතී නොවන සුදු සහල් අපනයනය අත්හිටුවීමට පසුගිය සතියේ ඉන්දීය රජය තීරණය කර තිබූ අතර ඒ හේතුවෙන් ඇමෙරිකාව තුළ සහල් හිඟයක් මතු වීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඒ අනුව ඇමෙරිකාව තුළ සහල් මිලදී ගැනීම් , ගබඩා කිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් , එම තත්ත්වය හමුවේ සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ .
