අද (30) සවස කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටින් ලේන් ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
