චිකාගෝ වල සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ Alberto Rolon , Zoraida Bartolomei සහ Adriel හා Diego යන ඔවුන්ගේ දරුවන් දෙදෙනායි.
පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි තැබීම පසුගිය සෙනසුරාදා රාත්‍රියේ හෝ ඉරිදා අලුයම අතර කාලයේ දී සිදු වී ඇති බවයි .
නමුත් මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවත් ඝාතනයක් විය හැකි බවත් විශ්වාස කරන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ .