දකුණේ වෙඩිතැබීමක්.

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version