ගාසා තීරයට සැනසුම් සුසුමක්.

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර යුද තත්ත්වය ට දින 15ක් වෙයි.

නොකඩවා එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ සිරවී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂීය අධාර රැගත් රථ සඳහා ගාසා තීරයට ඇතුළු වීමට රෆා පිවිසුම මේ වනවිට විවෘත කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව රථ 20ක් සඳහා ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායලය අවසර ලබාදී තිබේ.

ප්‍රධාන වශයෙන් එසේ යවා ඇත්තේ ඖෂධ බවට ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

Exit mobile version