එස් .අයිගෙන් පී.සීට කනේ පහරක්.

සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින් දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ.

දෙනෝදාහක් බලා සිටියදී කනේ පහර කෑමට ලක් වීම නිසා කොස්තාපල්වරයා ලැජ්ජාවට පත්ව ඇතැයිද පැවසේ.

කනේ පහර කෑ ආධුනික පොලිස් කොස්තාපල්වරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආධුනික පොලිස් කොස්තාපල්වරයා අදාළ පොලිස් වසමේ පිහිටි බැංකුවක් ඉදිරිපිට රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි අතර වාරයේ නිල ඇඳුමෙන් සැරසී පැමිණි උප පොලිස් පරීක්ෂකවරයකු ඔහුට සැලියුට් එකක් ගසා ආචාර නොකළ නිසා මෙසේ කනට වැරෙන් පහරක් ගසා ඇති බව සදහන්.

Exit mobile version