පුංචි පවුලකට වස ශරීරගත වෙලා.

රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනකු වස වර්ගයක් ශරිර ගත වීමෙන් අද (14) පෙරවරුවේ මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ රඹුක්කන පත්තම්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටින වයස අවුරුදු 28 වන පියා වයස අවුරුදු 27 වන මව ඔවුන්ගේ දරු දෙදෙනා වන වයස අවුරුදු 4 මාස 10 වන දියණිය හා මාස 11 වයසැති දියණිය බවත් පොලිසිය පවසයි.

මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මව පියා සිය දරුවන් දෙදෙනාට නිවසේ දී වස පොවා ඔවුන් දෙදෙනා ද වස පානය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.

පසුව ⁣ඔවුන් නිවසේ වැටී සිටින අයුරු අසල්වැසියන් දැක ත්‍රීරෝද රථයකින් ඔවුන් සිව් දෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

දරු දෙදෙනාට වස පොවා මව්පිය යුවළ වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසා තිබේ.

Exit mobile version