ප්ලාස්ටික් භාණ්ඩ වලට ජාතික ශිල්ප සභාවෙන් විසඳුමක්.

තහනම් කරන ලද ප්ලාස්ටික් භාණ්ඩවලට ආදේශකයක් ලෙස පරිසර හිතකාමී දිරාපත්වන භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දෙන බව ජාතික ශිල්ප සභාව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව තහනම් කර ඇති ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිඟන් සහ ඉඳිආප්ප බන්දේසි වෙනුවට දේශීය හස්ත කර්මාන්තකරුවන් විසින් දිරාපත්වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන ලී හැඳි සහ ගෑරුප්පු මෙන්ම නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී භාණ්ඩ ප්‍රචලිත කිරීමට නියමිතව තිබේ .

මධ්‍යම පරිසර අධිකාරියේද සහාය ලබාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මෙම දේශීය නිෂ්පාදන ප්ලාස්ටික් නිෂ්පාදනවල මිලට සාපේක්ෂව සුළු මුදලක් හෝ අඩුවෙන් පාරිභෝගිකයන් වෙත ලබාදීමට නිෂ්පාදකයන් කැමැත්ත දක්වා ඇති බව සදහන් .

එමගින් ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයට වැයවූ ඩොලර් ප්‍රමාණයද ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයි ජාතික ශිල්ප සභාව විශ්වාසය පළ කරයි.

Exit mobile version