මනූෂගෙන් සද්දයක්.

විදේශගත ශ්‍රමිකයන් සඳහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගෙන තිබුණ ද මෙතෙක් ඒවා ක්‍රියාත්මක නොවන බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“විදේශගත ශ්‍රමිකයන්ට විවිධ යෝජනා ක්‍රියාත්මක කරද්දි අපිට හම්බවුණේ, ඒවට සහයෝගයක් නෙමෙයි. ඒවට හම්බවුණේ බාධා කිරීම් තමයි. අපි සමහර නිලධාරීන් එක්ක රණ්ඩු කර කර, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසන්න කටයුතු කළා. ඒ අයට නිවාස ණය ලබාදෙන්න අවශ්‍ය අයට අපි කටයුතු සුදානම් කරලා තියෙනවා. බැංකුවලට අපි යෝජනා කරලා, බැංකු එක්ක සාකච්ඡා කරලා මහ බැංකුව එක්ක කතා කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන 5ක් අඩු පොළියට ලබාදෙන්න අපි ලෑස්ති කරලා තිබුණට භාණ්ඩාගාරයටයි, මහ බැංකුවටයි, බැංකු ටිකටයි තාම බැරිවුණා අපේ ශ්‍රමිකයන්ට අඩුපොළියට ණය ටික දෙන්න. එතකොට විදේශගත ශ්‍රමිකයෝ එවපු සල්ලි ගානට ගුවන්තොටුපොළින් එනකොට ටොෆි, චොක්ලට් ටික ගේන්න වැඩි තීරුබදු සහනයක් දෙන්න කැබිනට් මණ්ඩලය මට අනුමත කරලා දුන්නේ මාස 14කට විතර ඉස්සෙල්ලා. හැබැයි ලංකායට එවපු සල්ලි ටික බලලා මෙයාට මෙච්චර දෙන්න ඕනේ කියලා සියල්ල යෝජනා කරලා, ජනාධිපතිතුමා ගැසට් එකත් ගහලා තියෙද්දි අපේ කස්ටම් එකේ අයට බැරි වුණා අපේ විදේශගත ශ්‍රමිකයන්ට සලකන්න.

Exit mobile version