මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඝන මීදුම් ස්වභාවයක් හා මාර්ග ලිස්සන සුළු ස්වභාවයක් පවතින හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්.එම්. බි. බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන යන ප්‍රදේශවල මෙන්ම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල,රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශයන් තුළද විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බව සඳහන් .
තවද මෙම ප්‍රදේශයන් තුළ විශේෂයෙන් සවස් කාලයන්හිදී මාර්ග නොපෙනී යන අයුරින් මෙම මීදුම් තත්වයන් ඉතා අධික ලෙස පවතින බවත්, රථ වාහන ධාවනය කරවීමේදී ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් ප්‍රවේශමෙන් වාහන ධාවනය කරවීමට පියවර ගන්නා ලෙසට සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් බණ්ඩාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .
