මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සහ හැටන් – කොළඹ හා හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගවල විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී විවිධ අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වු එම නිලධාරියා සඳහන් කරන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මත හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල, දියගල, වටවල, කැරලයිනා, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම, දිඹුල. ලිදුල, රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවල විටින් විට ඝන මීදුම් තත්ත්වයන් පවතින බවට වාර්තා වන බවයි.
මෙම තත්ත්වයන් මත එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පැවතිය හැකි බවත් , එම තත්ත්වයන් පිළිබඳව අවදානය යොමුකර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේ දී ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා රථ වාහන ධාවනය කරන ලෙසට සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.