වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්.

පසුගිය දින කිහිපය තුළදී වන්දනාවේ ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂ වීමක් හේතුවෙන් බවට සැක පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ආහාර විෂ වීම් සහ බැක්ටීරියා ආසාදනය වූ  තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ වාර්තා වූ බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන ලදී . වන්දනා ගමන්වල නිරත වන බැතිමතුන් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙසත් , හැකිතාක් උණු ජලය පානය කරන ලෙසත් ඔහු වැඩි දුරටත් නිවේදනය කරන ලදී.  

Exit mobile version