අම්බලන්ගොඩ නගරයට පැමිණෙන ජනතාවට විශේෂ නිවේදනයක්.

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ සහ මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවල ගැබිණි කාන්තාවන් යොදවා මුදල් පසුම්බි සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස හදුන්කූරු විකුණන මුවාවෙන් මෙම සොරකම් කිරීම් සිදු කරන බවයි.

එමෙන්ම එම බස් නැවතුම්පොළේ ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේ දී ගැබිණි කාන්තාවක් විසින් තවත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන අයුරු සටහන්ව තිබී ඇති අතර පොලීසිය වැඩි දුරටත් අනාවරණය කරන්නේ ගැබිණි කාන්තාවන් , සංවිධානාත්ම කණ්ඩායම් විසින් නගරයට ගෙනවිත් මෙම ව්‍යාපාරයේ යොදවන බවයි.

අම්බලන්ගොඩ නගරයට පැමිණෙන ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටිනේ මොවුන්ගෙන් ප්‍රවේශම්වන ලෙසටයි.

Exit mobile version