හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇත. ඒ හේතුවෙන් ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ කැනඩාව සඳහා පකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර පකිස්තානය විසින් නව සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන කාරණයක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින් ඒ පිළිබඳව යළි සලකා බලන ලෙස අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇති බව සඳහන්.
