ලංකා බැංකුවෙන් ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක් .

ලංකා බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සදහා ඔබගේ කාඩ්පත් විස්තර ,OTP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුළත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසට එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම් /කාඩ්පත් / රහස්‍ය අංක ඇතුළත් කිරීමෙන් වළකින ලෙසද ලංකා බැංකුව සිය ගණුදෙනුකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Exit mobile version