මාධ්‍ය ආයතන නියෝජිතයින්ගෙන් විශේෂ නිවේදනයක්.

විද්‍යුත් මාධ්‍ය ආයතන විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳව පුළුල් අධ්‍යනයක් සිදු කොට අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා  තවත් සීමිත කාලයක් අවශ්‍ය බව මාධ්‍ය ආයතන නියෝජිතයින් විසින් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ පැවැත්වුණු සාකච්ඡාවක දී අදාළ කෙටුම්පතේ සිංහල පිටපතක් ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සිය එකඟතාවය පළ කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Exit mobile version