ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් .

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version