මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

බස්නාහිර පළාතේ සිදු කරනු ලැබූ අහඹු වාහන පරීක්ෂාවකින් දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනා ගැනීමට හැකි වූ බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. එමෙන්ම නියමිත කාලසීමාව තුළදී කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දසුන් ජනක ප්‍රකාශ කරන ලදී.

වැඩි දුරටත් අදහස් දැක්වූ අධක්ෂ දසුන් ජනක මහතා,


“2023 පෙබරවාරි 1 වනදා ඉදලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”

Exit mobile version