2024 වර්ෂය සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සහ පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී තිබෙන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැකි බව සඳහන් .
2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවත් , තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ආරක්ෂ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ .
2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන බවත් , ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය දැනුම් දී තිබේ .
